Monday, April 20, 2020

ඒකාලේ වැඩ්ඩෝ..

අවුරුද්ද 1999
පන්තිය 11 s 4
විෂය බුදධාගම

බුද්ධාගම අච්චු පොත රැගෙන යාම අත්‍යාවශ්‍ය දෙයක් වෙලා තබ්බා..මොකද ඒක නැති උනොත් හාමුදුරුවන්ගෙ කුණු බැනුම්. අන්න ඒ නිසා අනිවාර්යෙන්ම හැම කොල්ලෙක් ලඟම පොත තියනවා මොක නැතත්.

මේ කියන දවසෙත් අපිට කලින් ආරංචිය ලැබිලා තිබ්බෙ "අද හාමුදුරුවො නැතිලු බං"..
චර පුරුෂ සේවය වගේ ඔය වගේ ආරංචි ලැබෙනවා තිතට.
නැත්තං පැය තුනක් විතර එක දිගට පන්තියෙ ක්‍රිකට් ගහන එක,
සර් කෙනෙක් එන පමාවට එක මිනිත්තුවෙන් නවත්තන්න පුලුවන් යැ.
සර් ඇවිත් පන්තිය⁣ට එබෙන ක්ෂණයෙදි කොල්ලො වැඩ.
තම තමන්ගෙ සීට් වල නෙමේ උනත් කොහෙ හරි සීට් එකක ඉඳගෙන දෙමල පොතක් හරි කියවන්නෙ හරියට ඉපදුනේම දෙමල කොල්ලෙක් වගේ කියලා හිතෙන විදිහට.
සර් ගියාය පස්සෙ අපේ උන් රජවරු වගේ අායෙත් කොල බෝල ක්‍රිකට් මැච් එක පටන් ⁣ගන්නෙ ඇවිත් ගියපු සර්ව මුලා කරා කියලා හිතාගෙන..
හැබැයි ඉතින් සර්ටත් ඇවිත් බලනකොටම මොකක් හරි අවුලක් දැනෙන් නැතිව නෙමෙ.
හරියට උගන්නන කොටවත් හෙල්ලෙන් නැතිව පොත දිහා බලාන ඉගෙන ගන්න චරිත නෙ⁣මේනෙ ඉන්නෙ පන්තියෙ.
සර් ලා ⁣අපි හිතන තරම් කෙප්ප වස්⁣සො නෙමේ ඉතින්..

හරි දැන් බූද්ධාගම පාඩම.
හාමුදුරුවො ආවා කරුමෙට. නෑ කියලා හිතාගෙන ආතල් එකේ හිටපු අපි  😳

"හරි ලමයි පොත් ටික ගන්න.. තුන්වෙනි පාඩම, 44 වෙනි පිටුව පෙරලගන්න"

ඒ අතරෙ මම

"හුටා පොත ගෙනල්ලා නෑ නෙ.." මට එහා පැත්තෙ දංගේ..

"මේ ඕයි පොත තියෙනවද??"
"නෑ බං මං ගෙනල්ලත් නෑ.."

මල මගුලයි.. දැන් මොකද කරන්නෙ..

ගණ දෙවි නුවණ.. දංගේ..

"මේ අඩේ..සිංහල සාහිත්‍යය පොත බුද්ධාගම පොත වගේමනේ. ඒක පෙරලාගෙන අහගෙන ඉමු."

"ආහ් මරු. එහෙම කරමු."

මමත් එකඟ වුනේ හෙමින් නෙමේ.

දැන් දෙන්නා සිංහල සාහිත්‍යය පොත පෙරලගෙන හාමුදුරුවො උගන්නන කොට අහගෙන ඉන්නෙ සෝවාන් වෙලා ව⁣ගේ..

පින කියන දේ අපිට පිහිටලම නෑ කියන්නෙ හාමුදුරුවො එනවා පන්තිය මැදින් උගන්න උගන්න පන්තියෙ පිටිපස්සට. අපි දෙන්නා ඉන්නෙ මැද හරියෙ..

අපි ලඟින්ම ගියා පිටිපස්සට. අහුවුනේ නෑ..
"අම්මෝ ගියා ගියා බං..දැන් ආයෙ එයි" දංගෙයා කිව්වා මට හිනා ගියා විතරයි මතක.

ඔලුව පිටිපස්සට වැදුනා පාරක් තව පොඩ්ඩෙන් නහය ඩෙස්ක් එකේ.

"කෝ තමුසෙලගෙ පොත්?? මොකද්ද ඔය පෙරලගෙන ඉන්නෙ??"

දීපල්ලකො උත්තර..

"ගෙ...ගේන්න බැරි වෙලා.."

"ඇයි පොත් ටික හදලා දෙන්නෙ අම්මලා අප්පලද??"

නැගිටිනවා. යනවා එලිය⁣ට..

හරි දඬුවම ලැබුනා.දෙපාරක් කියනකං හිටියෙ නෑ. මං නැගිට්ටා එලියට ගියා..

හාමුදුරුවො එක පාරටම "මෙන්න යනවා" කිව්වා..

කට හොඳ නෑනෙ අපෙත්.. නසරාණි වයසට.

"ඇයි දැන් යන්න කිව්වෙ "

හරිනේ..

"යනවා.. යනවා.ගිහින් හිටගෙන ඉන්නවා පීරියඩ් දෙකක්.."

සන්තෝසයි..දැන් ඉතින් ඉන්නවා හිටගෙන. විනාඩ් 15ක් විතර ඉද්දි එනවා Head Prefect හර්ෂ අයියා.
මගෙ හොඳ මිත්‍රයෙක්..

"මොකෝ බං මෙතන."
"බුද්ධාගම පොත ගෙනාවෙ නෑ නේ ..."

"එහෙමද? වරෙන් යන්න.. වරෙන් ඉතින්.."

හිටගෙන හිටපු තැනට හාමුදුරුවො උගන්නනවා පෙන්නෙත් නෑ ඉතින්.. ගියා හර්ෂ අයියා එක්ක..යන්නෙ කොහෙදවත් නොදැන.

ගියෙ prefect guild එකට.
පීරියඩ් දෙකම ඒකෙ..අනන්මනන් කතා කිය කිය පොඩි පහේ ෆන් එකකුත් සමග..

දෙවෙනි පීරියඩ් එක අන්තිමේ කොල්ලා කලින් හිටපු තැන හිටගෙන දිගටම එතන හිටියා වගේ හරි අමාරුවෙන්...
කකුලුත් රිදෙනවා අප්පා....

😁😁😁😁😁